“දේශපාලනඥයින්ගේ යුගය නිමයි” - ඇමති විදුර

ජනතාව දේශපාලඥයින් පිළිගත් කාලය අවසන් සීමාවට පැමිණ ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
“ලෝකයේ තෙල් මිල අඩු වුණා කියලා. අපේ රටේ තෙල් මිල අඩුවෙන්නේ නැහැ මොකද මේක ලංකාවනේ දෙයියනේ. හැමදාම ඔය වගේ වැඩ තමයි සිද්ධ වුණේ.
ඊට ප්‍රධානම හේතුව ආර්ථික කළමනාකාරණයක් නැතිකම. ආර්ථික දැක්මක් ඉලක්කයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉලක්කය කරා යන පැහැදිලි මාර්ගයක් තියෙන්නේ ඕනේ. තෙල් මිල වැඩි වුණාම අනිවාර්යයෙන්ම බඩු මිල වැඩිවෙනවා. ඒ බර දරන්නේ මේ රටේ ජනතාව. බස් ටිකට් එක වැඩි වෙනවා. ත්‍රිරෝදරථ ගාස්තු වැඩි වෙනවා. ජනතාව පිඩාවට පත් කිරිම නුසුදුසුයි. ඒකයි පෞද්ගලික මතය.
හරි දේට හරි කියන එකත් වැරදි දේට වැරදියි කියන එකත් ඉස්කෝලෙ යන කාලෙත් මම කිව්වා.”
ජනතාව දේශපාලඥයින් පිලිගත් කාලය අවසන් වී දේශපාලඥයන් ජනතාව පිළිගන්නා යුගය දැන් එළඹී ඇතැයිද ඔහු කීය.
බලන්ගොඩ ඉුඔුල්පේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නව සංස්කෘතික මධ්‍යස්ථාන විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව කීවේය.
733 Views
Comments