රන්බඩුහළක හිමිකරු තවත් රන්බඩු ව්‍යාපාරිකයෙකුට මන්නෙන් කොටයි - ලේ ගලන පිහියත් අරන් පොලිසියට භාරවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

රන්බඩුහළක හිමිකරු තවත් රන්බඩු ව්‍යාපාරිකයෙකුට මන්නෙන් කොටයි - ලේ ගලන පිහියත් අරන් පොලිසියට භාරවෙලා

රන්බඩුහළක හිමිකරු තවත් රන්බඩු ව්‍යාපාරිකයෙකුට මන්නෙන් කොටයි - ලේ ගලන පිහියත් අරන් පොලිසියට භාරවෙලා

පිටකොටුව හෙට්ටිවීදියේ රන්බඩු හළක හිමිකරුවෙක් ඊයේ(15) පෙරවරුවේ මන්නා පිහියක් රැගෙන  තවත් රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට මන්නෙන් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

 

එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර තිබේ.

 

ප්‍රහාරය එල්ල කරනු ලැබු සැකකාර ව්‍යාපාරිකයා ලේ ගලන මන්නා පිහියද රැගෙන දෙනෝ දාහක්  බලා සිටියදී පිටකොටුව පොලිසියට පැමිණ බාර වී ඇත.

 

තුවාල ලැබු ව්‍යාපාරිකයා සහ සැකකාර ව්‍යාපාරිකයා කෝටිපති ව්‍යාපාරිකයින් බවත් කලක සිට මිතුරන්ව සිට ඇති ඔවුන් දෙදෙනා කිසියම් ප්‍රශ්නයක් මුල කරගෙන විරසකවී ඇති බවත් පොලිසිය පවසයි.


තුවාල ලැබූ ව්‍යාපාරිකයාගේ අතකට හිසට බරපතල තුවාල සිදුව තිබු බවද පොලිසිය කියයි.

 

සැකකාර ව්‍යාපාරිකයා කොටහේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙම සිද්ධිය දකුණු ඉන්දියාවේ දමිළ චිත්‍රපටයක දර්ශන මැවෙන ආකාරයෙන් වෙළෙඳසැලේ සී සී ටී වී කැමරාවල සියල්ල පටිගත වී තිබු බව පොලිසිය කියයි.

 

සැකකරු අද(16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

858 Views

Comments

arrow-up