අකුරැස්සේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අකුරැස්ස පොලිස් වසමට අයත් බෙලිකැටි දොළහේන ප්‍රදේශයේ දී ඊයේ සවස් කාලයේ දී පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන කෝට්ටේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයාට තලහගම ප්‍රදේශයේ නිවසක් පිරිසිදු කිරීමට ගොස් සිටි අතරවාරයේ අසල නිවසක සිටි පුද්ගලයකු සමග ඇතිවූ ආරවුලක් මෙලෙස දුරදිග ගොස් තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය ආදාපාන රෝහලේ තැන්පත් කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
770 Views
Comments