හමුදාව යටතේ තිබූ උතුරු පළාතේ අක්කර 3000ක් යළි මුල් පදිංචිකරුවන්ට

උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව තිබූ ඉඩම් අක්කර 3000ක් පමණ නැවත එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ.
යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් ඒ අනුව නැවත ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේය.
යුධ සමයේ ආරක්ෂක අංශ යටතට පත්වූ මෙම ඉඩම් නැවත අයිතිකරුවන් සොයා ඔවුන් වෙත ලබාදීමට තමා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ක්‍රම ක්‍රමයෙන් එම ඉඩම් ජනතාවට නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
710 Views
Comments