“අපි ඒ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරනවා” - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

“අපි ඒ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරනවා” - ජනපති

“අපි ඒ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරනවා” - ජනපති

තමා බලයට පත්වීමත් සමඟම තරුණයින් විසින් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුලපිරූ බවත් තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දූ බවත් එදා තැබූ විශ්වාසය සමඟ විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙසට සියලු‍දෙනාට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

වැඩ නිමාකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ(06) පස්වරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි විප්ලවීය වෙනස නියත වශයෙන්ම සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියේය.

 

“ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්. එය සිදු කිරීමේදී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදුවනවා. එහෙත් එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරනවා” 

 

යනුවෙන් අදහස් දැක්වූ ජනාධිවරයා පැවසුවේය.

 

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මෙන්ම කාබනික වගාව සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවත් ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේය.

views

815 Views

Comments

arrow-up