OCT
31
දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකිනෙක ගැටී පහකට තුවාල

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලණිගම, බද්දේගොඩ ප්‍රදේශයේ ඊයේ(30) දිනයේ වාහන පහක් එකි නෙක ගැටී සිදුවූ අනතුරෙන් පස් දෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි.
ආපදාවට ලක්ව තිබූ ලොරියක මෝටර් රථයක් ගැටී තිබෙන අතර එම මෝටර් රථයේ සිටි තුවාලකරුවන් රැගෙන ඒමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ගිලන් රථයේ කැබ් රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ.
ඊට මොහොතකට පසු කැබ් රථයේ තවත් මෝටර් රථයක් ගැටී ඇත.
අනතුර කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ සිදුව ඇති අතර වාහන ධාවනයට සුළු බාධා එල්ල වී ඇත.
806 Views
Comments