OCT
24
කෝරෝනා රකුසාගේ තිප්පොළ හමුවෙයි

කොවිඩ් 19 වෛරසය වැඩියෙන්ම බෝ වී තිබෙන්නේ මත්පැන් පානය කරන ස්ථානවලින් බව සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් එවැනි ස්ථාන මේ අවස්ථාවේ හැකිතාක් මඟහැර සිටීම වැදගත් වන බවද හෙතෙම පැවසීය.
මේ අතර නව වෛරස ප්‍රභේදයන් රට තුළට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බවත් පැවසූ චන්න ජයසුමන මහතා එන්නත්කරණය අභිබවා යා හැකි වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමේ හැකියාවක් පවතින බවත් පැවසුවේය.
1061 Views
Comments