ධිවර ප්‍රශ්න වලට කඩිනම් විසදුම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ධිවර ප්‍රශ්න වලට කඩිනම් විසදුම්

ධිවර ප්‍රශ්න වලට කඩිනම් විසදුම්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වී තිබෙනවා.

 

නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ මෙම හමුව සිදු වූ බවයි, නාවික හමුදාව සඳහන් කළේ.

 

නාවික හමුදා මූලස්ථානයට පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමෙන් අනතුරුව, විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

 

පසුව පැවති නිල හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ හමුදාවලට අදාළ වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

views

670 Views

Comments

arrow-up