පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
විශේෂ කාර්ය බළකායට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ(09) දින මීරිගම ස්ථාන දෙකක බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය සමඟ 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එම පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන වෙනත් පාර්ශවයන්ට අලෙවි කරන බව අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර, ග්‍රෑම් 130කට ආසන්න වොටර් ජෙල් කූරු 81ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 75ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් හා සේවා නූල් මීටර් 360ක්ද ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මීරිගම පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
771 Views
Comments