කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවේ - ගුරුවරුන් ආපසු උද්ඝෝෂණ සඳහා පාරට බසී

ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝම්බර් 6වනදා සිට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ කුමන බාධා පැමිණියද සිය වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විටත් ඔවුන් දින 84ක් සාර්ථකව වර්ජනය නිරත වන බව පෙන්වා දෙන ස්ටාලින් මහතා පවසන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසලට ගෙන්වාගැනීමට පෙර මෙම ගැටලුව විසඳා දෙන ලෙසයි. එසේ නොවුණහොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 ම ඉලක්ක කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ඔහු පවසනවා.
මේ වන විට රට තුල වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යම්තාක්දුරට පහල ගොස් ඇති නමුත් මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අවසර ලබාදී නොමැත.
1364 Views
Comments