බිරිඳගේ අනියම් පෙමට වැට බඳින්න මිතුරා සමඟ ගැටුණු සැමියා මරුට - සැකකාර මිතුරා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

බිරිඳගේ අනියම් පෙමට වැට බඳින්න මිතුරා සමඟ ගැටුණු සැමියා මරුට - සැකකාර මිතුරා අත්අඩංගුවට

බිරිඳගේ අනියම් පෙමට වැට බඳින්න මිතුරා සමඟ ගැටුණු සැමියා මරුට - සැකකාර මිතුරා අත්අඩංගුවට

සිය බිරිඳ මිතුරෙකු සමඟ ඇති කරගෙන තිබුණු අනියම් සම්බන්ධයක් නිසා මිතුරා සමඟ ඇති කරගත් ගැටුමකින් දිනකට පසු ඉකුත් 25වනදා අසාධ්‍ය වූ ස්වාමිපුරුෂයා මියගොස් ඇති අතර සැකකාර මිතුරා අත්අඩංගුවටගත් බව කොහුවල පොලිසියේ අපරාධ අංශය කියයි.

 

මරණයට පත්වූ පුද්ගලයා කොහුවල ඉන්ද්‍රා මාවත අසලදී මිතුරා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් බිම ඇදවැටී තිබේ. 

 

අනතුරුව ඔහු නිවස වෙත ගොස් සිටියදී පසුදා තමාගේ හිසේ දැඩි වේදනාවක් ඇති බව බිරිඳට පැවසීමෙන් අනතුරුව 1990 ගිලන් රථය ගෙන්වාගෙන ඇතත් ගිලන් රථය පැමිණෙන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව කොහුවල පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කිරුළපන බලපොකුණ ප්‍රදේශයේ පදිංචි විවාහක 45 වියේ පසුවූ එක්දරු ව්‍යාපාරිකයෙකි. 

 

සැකකාර මිතුරා කිරුළපන ප්‍රදේශයේ පදිංචි අවිවාහක 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. 

views

32691 Views

Comments

arrow-up