සැප වාහනයෙන් ගොස් ගෙවල් බින්ද සොරා අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

සැප වාහනයෙන් ගොස් ගෙවල් බින්ද සොරා අල්ලයි

සැප වාහනයෙන් ගොස් ගෙවල් බින්ද සොරා අල්ලයි

මෝටර් රථයකින් ගොස් රාත්‍රීයේ නිවාස බිඳ දේපළ සොරා ගැනීමේ නිරතවූ සැකකරුවෙකු මෝටර් රථයක්ද සමඟ මොරටුව ප්‍රදේශයේදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු මොරටුව ප්‍රදේශයේ නිවාස බිඳීම් පහකට සහ ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

 

අත්අඩංගුවට පත්වූ සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි(50) සැකකරුවෙකි.

 

මොහු විසින් නිවාස බිඳ සොරාගන්නා ලද රන් භාණ්ඩ, මුදල්, විදේශ මත්පැන් ඇතුළු භාණ්ඩ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

views

729 Views

Comments

arrow-up