නිල ඇඳුමෙන් “අයිස් මත්කුඩු” වික්ක කොස්තාපල් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

නිල ඇඳුමෙන් “අයිස් මත්කුඩු” වික්ක කොස්තාපල් මාට්ටු

නිල ඇඳුමෙන් “අයිස් මත්කුඩු” වික්ක කොස්තාපල් මාට්ටු

පොලිස් නිල ඇඳුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වැලිකඩ පොලීසියට අනියුක්ත සේවයේ නිරත කොස්තාපල්වරයකු අයිස් ග්‍රෑම් 10ක් සමඟ විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ මෙම අයිස් තොගය තිබූ බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.

 

වැලිකඩ, පොල්වත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී සැකකරුගේ ජංගම දුරකථනයට ඉහත කොස්තාපල්වරයාගෙන් ඇමතුම් ලැබී ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.

 

තමා සතුව අයිස් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ඇති බවත් ග්‍රෑම් එකක් රුපියල් 12000ක මුදලකට ලබා දිය හැකි බවත් කොස්තාපල්වරයා ඉහත සැකකරුට දැනුම්දී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

 

නිලධාරීන් සැකකරුගේ මාර්ගයෙන් සැකකාර කොස්තාපල්වරයා ගෙන් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇනවුම් කර තිබෙන අතර පෙරේදා(29) පස්වරුවේ කොස්තාපල්වරයා සැකකරු රාජගිරිය ප්‍රදේශයේ  හෝටලයකට ගෙන්වා මත්ද්‍රව්‍යලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අසල සිටි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.  

 

පොලිස් නිල ඇඳුමෙන් සැරසී රාජකාරි පිස්තෝලයකින් සන්නද්ධව සිට කොස්තාපල්වරයා අයිස් ජාවාරමේ නිරතවී ඇති බවත් අත්අඩංගුවටගත් සැකකාර කොස්තාපල් වසර 22ක කාලයක් මේ සේවාව කාලයක් සපුරා ඇති අයෙකු බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

views

728 Views

Comments

arrow-up