“මහජන බැංකුව අසාදු ගතකර ඇති බව මා දන්නේ නෑ” - බැසිල්

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමඟ පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් පසුව මාධ්‍යෙව්දින් විමසූ පැනයන්ට පිළිතුරු දෙමිනි.
දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඇමති බැසිල් රාජපක්ෂ මහතා මල්වතු හා අස්ගිරි මහනාහිමි වහන්සේලා බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට නියමිත අයවැය සම්බන්ධව දැනුවත් කළේය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවේ යි කියා තමන් සිතන බවත් අමාත්‍යවරයා කිය.
එසේම මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කර ඇති බව තමාට දන්වා නැති බවත් පැවැසිය.
960 Views
Comments