මහපොළ පනත සංශෝධනය කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයෙකු මහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණයකර තිබේ.
මේ වනවිට නව පනත් සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම භාරකාර මණ්ඩලයේ සභාපතිධුරය මීට පෙර අගවිනිසුරුවරයා විසින් දැරීය.
එසේම එහි දේපළ පිළිබඳ 1982 අංක 12 දරණ පොදු දේපළ පනතේ විධිවිධාවලට යටත් කරනු ඇත.
මේ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල යන නාමය ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ලෙස සංශෝධනය කිරීමටද නියමිතව තිබේ.
794 Views
Comments