ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග 13 දෙනෙකු අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවේ ගෙන තිබෙනවා.
ආයුධ සන්නද්ධ පිරිසක් උපන්දින සාදයක් පවත්වන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස් අත්අඩංගුවට පත්වී ඇත.
අත්අඩංගුවට පත්වන විට මොවුන් සන්තකයේ තිබී කඩු හතරක්, යතුරුපැදි දෙකක්, යතුරුපැදි සහ පාපැදිවලින් ගමන් කරන අතරතුර පහර දීමට හැකි වන සේ සකස් කළ ආයුධ දෙකක් සමග අයිස් සහ ගංජා මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් පුද්ගලයන් වයස අවුරුදු 20ත් 40ත් අතර වන බවයි වාර්ථා වන්නේ.
මොවුන් සංවිධානාත්මක සන්නද්ධ කල්ලියක සාමාජිකයන් ද නැතහොත් වෙනත් කණ්ඩායමක් ද යන්න පිළිබඳවයි සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
806 Views
Comments