තවත් බාලවයස්කාර දැරියක් මවගේ අනුදැනුම මත මුදලට විකුණයි

වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
පසුගිය කාලයේ වයස අවුරුදු 15ක දැරියක් වෙබ් අඩවියක් හරහා පුද්ගලයන් 30කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලෙවි කිරීමේ පුවතක්ද මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළේය.
එම බාලවයස්කාර දැරියව වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයින් රැසක් විසින් මිලදී ගෙන තිබු බවත් වාර්තා වු අතර ඔවුන්ට විරුද්ධව මේ වන විටත් අධිකරණයේ නඩු පවරා තිබේ.
මෙම දැරිය මව හා නැගෙණිය සමඟ කොළඹ -රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14ක බාලවයස්කාරියකි.
එම දැරිය ලිංගික අපයෝජනයට ලක්වීම හෙළිව ඇත්තේ තමන් දිගු කලක පටන් ලිංගික අපයෝජනයකට ලක් වන බව ඇය ඇගේ හිතවත් පුද්ගලයෙකුට හෙළි කිරීමත් සමඟයි.
මෙම දැරිය අලෙවි කිරීම සම්බන්ධව රාජගිරියේ සමදරා නම් කාන්තාවක්ද ජාවාරමට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය විය.
1977 Views
Comments