OCT
17
ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් අද කොළඹට

ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් අද(17) කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන එන බවය.
ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලැබුණි.
722 Views
Comments