හංවැල්ලේ තානායමක් තුළ පිළිස්සුනු මළසිරුරක් - මරණය තවමත් අභිරහසක්

හංවැල්ල තානායම ට අයත් භූමිය තුළ ඇති ෙඑතිහාසික ගල් බංකුවක් මත තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
මෙම පුද්ගලයා තානායමේ නවාතැන් නවාතැන් ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු අළුයම 1 පමණ වනතෙක් මත්පැන් පානය කර තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත එම ස්ථානයේ තිබී හමුවී ඇති අතර ඔහු සාලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.
හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ අපරාධ පරීක්ෂණය ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පැවතිය ද මියගිය පුද්ගලයාගේ සිරුරට ගිනි ඇවිලුනේ කෙසේ ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
961 Views
Comments