කොළඹ සොරකම් රැසකට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

කොළඹ සොරකම් රැසකට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු අල්ලයි

කොළඹ සොරකම් රැසකට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු අල්ලයි

කොළඹ සහ අවට ප්‍රදේශ රැසක සොරකම් සහ මංකොල්ලකෑම් වලට සම්බන්ධ බවට  හඳුනාගත් ලියාපදිංචි අපරාධකරුවෙකු බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් අත් අඩංගුවේ ගෙන තිබෙනවා.

 

සැකකරු අත්අඩංගුවට ගැනුණේ එම කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත කොලොන්න ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

 

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ ඔහු මහරගම, බොරලැස්ගමුව, තලංගම, හෝමාගම, දෙහිවල, පානදුර, කොල්ලුපිටිය ඇතුළු ප්‍රදේශ රැසක වෙළඳසැල සහ මූල්‍ය ආයතන වලට හොරෙන් ඇතුල් වී දේපල සොරකම් කර ඇති බවයි.

 

ඕමල්පේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු ලියා පදිංචි කර ඇත්තේ 2020 වසරේදීය.

views

974 Views

Comments

arrow-up