පසුගිය ආණ්ඩුවේ පාඩු ලැබූ ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10ට කෝටි 16.1ක ලාභයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

පසුගිය ආණ්ඩුවේ පාඩු ලැබූ ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10ට කෝටි 16.1ක ලාභයක්

පසුගිය ආණ්ඩුවේ පාඩු ලැබූ ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස 10ට කෝටි 16.1ක ලාභයක්

ලංකා ලුණු සමාගම මේ වසරේ මාස දහයක් ඇතුළත රුපියල් කෝටි 16.1ක බදු ගෙවීමට පෙර ලාභයක් ලබා තිබේ.

 

 

පසුගිය ආණ්ඩුව යටතේ රුපියල් කෝටි 26.2ක පාඩුවක් ලැබූ ලංකා ලුණු සමාගම වසර දෙකක් ඇතුළත ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ මහතා දිනමිණට පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් කෝටි 90.4ක ආදායමක් ගැනීමට සැලසුම් කර තිබුණද සැප්තැම්බර් මාසය වන විට බදු ගෙවීමට පෙර ආදායම රුපියල් කෝටි 101.4ක් වූ බවත සභාපතිවරයා කීවේය.

 

 

මේ වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සමාගමේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56033කි. 2021 වර්ෂය තුළ නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික් ටොන් 63253කි. මේ අනුව මාස නවයක කාලයක් තුළ වාර්ෂික නිෂ්පාදන ඉලක්කය සියයට 113කින් සපුරා ගැනීමට සමත්ව ඇති බවත් සභාපතිවරයා කීවේය.

views

833 Views

Comments

arrow-up