සිපෙට්කෝ ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

සිපෙට්කෝ ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට

සිපෙට්කෝ ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිල ඉහළ නැංවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේනම් මේ මොහොතේ ඩීසල් මිල හෝ ඉහළ නොදැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

 

ඩීසල් මිල ඉහළ නැංවුවහොත් බස් ගාස්තුද ඉහළ නැංවීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

"තෙල් මිල වැඩි වුණොත් බස් ගාස්තු පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් හිමියන් පහුගිය වතාවේ ඉතාම කරුණික වුණා  ඩිසල් වැඩි වුණාම ගාස්තු වැඩි වීමක් ඉල්ලුවත් අපි කරුණු පැහැදිලිකර දුන්නාම ජනතාව පිට බර පටවන්න බැහැ කියලා ඒ අය ඒ පාඩුව ඉවසා දරාගෙන සිටියා. නමුත් තවත් මිල වැඩිවීමක් ඒ අය පිට පැටවුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් බස් රථ ධාවනයට. ඒක ලංගමටත් ප්‍රශ්නයක්. පෞද්ගලික අංශයටත් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මම හිතන්නේ නෑ රජය මිල වැඩි කරයි කියලා. යම් විදියකින් මිල වැඩි කිරීමක් සිද්ධ කිරන්නම සිදු වුණොත් අඩුමතරමේ ඩීසල් මිලවත් වැඩි නොකර ඉන්න එක තමා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය. ප්‍රවාහන අමාත්‍යවරයා හැටියට මම දන්නේ නෑ තෙල් අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය"

views

705 Views

Comments

arrow-up