නගරාන්තර දුම්රිය හෙට සිට ධාවනයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

නගරාන්තර දුම්රිය හෙට සිට ධාවනයට

නගරාන්තර දුම්රිය හෙට සිට ධාවනයට

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට සිය ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

කොවිඩ් වසංගතය යම්තාක් දුරට පාලනය වීමත් සමග නවතා දමා තිබූ අන්තර් පළාත් කාර්යාල දුම්රිය ගමන්වාර මීට පෙර ආරම්භ කෙරුණා.

 

කෙසේවෙතත් රාත්‍රී 7:00 න් පසු තැපැල් දුම්රිය මෙන්ම කෙටි දුර ධාවන දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවුණු අතර ඒ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සතියේ දී තීරණයකට එළඹීමට නියමිතයි.

 

දැනට රාත්‍රී 7න් පසුව මගී අවශ්‍යතාවය මත පමණක් දුම්රිය ධාවනය සිදු කෙරේ.

views

869 Views

Comments

arrow-up