දක්ෂිණ අධිවේගයේ ගිලන් රථයක් ඇතුළු රථ 5ක් එකිනෙක ගැටේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

දක්ෂිණ අධිවේගයේ ගිලන් රථයක් ඇතුළු රථ 5ක් එකිනෙක ගැටේ (VIDEO)

දක්ෂිණ අධිවේගයේ ගිලන් රථයක් ඇතුළු රථ 5ක් එකිනෙක ගැටේ (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම 12.3 කිලෝමීටර කණුව ආසන්නයේදී වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

 

මෙලෙස අනතුරට පත්වූ වාහන අතරට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිලන් රථයක් ද ඇතුළත්.

 

අනතුරෙන් ගිලන් රථයට මෙන්ම තවත් කැබ් රථයකට, මෝටර් රථ දෙකකට සහ ලොරි රථයකට අලාභ හානි සිදුව තිබෙනවා.

 

ආපදාවට ලක් වු ලොරි රථයක්  කොළඹ දෙසට  ගමන් ගන්නා වම් මංතීරුවේ අයිනකට වන්නට  ආලෝක පහන් දල්වා නතර කර තිබියදී  එම දිසාවට ගමන් ගත් මෝටර්   රථයක්  අනතුරට ලක්වීමෙන්  තුවාලකරුවන්ට රැගෙන යාමට පැමිණි ගිලන් රථය එම එම ස්ථානයේ නවතනවාත් සමඟම      ගාල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී අනතුරුව  ගිලන් රථයේ ගැටීමෙන් ගිලන් රථය  අනතුරට පත්ව තිබූ මෝටර් රථයේ ගැටී අනතුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

 

 

views

856 Views

Comments

arrow-up