මිසයිල සන්නද්ධව කොළඹ වරායට සේන්දු වූ යුද නෞකා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

මිසයිල සන්නද්ධව කොළඹ වරායට සේන්දු වූ යුද නෞකා

මිසයිල සන්නද්ධව කොළඹ වරායට සේන්දු වූ යුද නෞකා

බ්‍රිතාන්‍ය රාජකිය නාවික හමුදාවට අයත් කෙන්ට් යුද නෞකාව දැන් කොළඹ වරායට සේන්දුවී තිබෙනවා.

 

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අග්නිදිග ආසියානු බලකායට අයත් මීටර 133ක් දිගැති මීටර 16ක් පළල මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ බංග්ලාදේශයේ චිතගොන් වරායේ සිටයි.

 

කෙන්ට් යුද නෞකාව ගුවන් යානා සහ නෞකා හාරක මිසයිල මෙන්ම සබ්මැරීන හාරක ටෝපිඩෝවලින්සන්නද්ධයි.

 

මීට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් තවත් යුද නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණෙනවා.

 

ෂාප් ටූ නැමති ඉන් එක් යුද නෞකාවක් මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති අතර, මාගර් නැමති තවත් යාත්‍රාවක් අද දිනය තුළ කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි නියෝජ්‍ය හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ.

views

772 Views

Comments

arrow-up