ඉන්දු - ලංකා යුද අභ්‍යාසයේදී සිදුවු පිපිරීමකින් මේජර්වරයෙක් රෝහල් ගතකෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ඉන්දු - ලංකා යුද අභ්‍යාසයේදී සිදුවු පිපිරීමකින් මේජර්වරයෙක් රෝහල් ගතකෙරේ

ඉන්දු - ලංකා යුද අභ්‍යාසයේදී සිදුවු පිපිරීමකින් මේජර්වරයෙක් රෝහල් ගතකෙරේ

ඉන්දු - ලංකා, මිත්‍ර ශක්ති, ඒකාබද්ධ යුධ අභ්‍යාසය යටතේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී සිදුකල පුහුණුව අතරතුරදී අත්බෝම්බයක් පුපුරා ගොස් 06 වැනි ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර තිබේ.

 

එම අනතුරින් මේජර්වරයාගේ අතේ ඇඟිලිවලට තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි.

 

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව පොළොන්නරුව මහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම පුහුණු අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගිවූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්ව සිටියේය.

views

764 Views

Comments

arrow-up