"අපේ ළමයි අසරණ වෙලා.." ගුරුවරුන්ට ආපසු පාසල් එන්නැයි මවුපියෝ අභයාරාමයට ගොස් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

"අපේ ළමයි අසරණ වෙලා.." ගුරුවරුන්ට ආපසු පාසල් එන්නැයි මවුපියෝ අභයාරාමයට ගොස් ඉල්ලයි

"අපේ ළමයි අසරණ වෙලා.." ගුරුවරුන්ට ආපසු පාසල් එන්නැයි මවුපියෝ අභයාරාමයට ගොස් ඉල්ලයි

ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අධ්‍යාපනය අහිමි වූ දරුවන්ගේ මවුපියන් පිරිසක්  අද නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවී තිබෙනවා.

 

එහිදී ඔවුන් පවසා ඇත්තේ තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති හෙයින්  කඩිනමින් ඒ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි. එමෙන්ම එළඹෙන 21 වනදා පාසල් යළි ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙක්ම දරුවන් ගැන අනුකම්පා කර සේවයට වාර්තා කරන ලෙස  ඔවුන් ඉල්ලා සිටිනවා.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද පැවසූයේ 21 වන දා පාසල ආරම්භ කිරීමට ගත් තීරණයට සෑම ගුරුවරයෙක්ම නම්‍යශීලී විය යුතු බවයි.

views

823 Views

Comments

arrow-up