එක රටක් එක නීතියක් සමග ඉදිරියට යන්න සහය දෙන්නැයි ජනපති රටවැසියන්ගෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

එක රටක් එක නීතියක් සමග ඉදිරියට යන්න සහය දෙන්නැයි ජනපති රටවැසියන්ගෙන් ඉල්ලයි

එක රටක් එක නීතියක් සමග ඉදිරියට යන්න සහය දෙන්නැයි ජනපති රටවැසියන්ගෙන් ඉල්ලයි

එක රටක් එක නීතියක් යටතේ දූෂණයෙන් තොරව  ඉදිරියට යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රටවැසියන්ගේ ඉල්ලා සිටිනවා.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවැති සම්මාන පෙළපාලිය පිළිගනිමිනි.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ  ආර්ථිකය යම්තාක් දුරට පහළට බැස්ස ද එම කාලසීමාව තුළදී ද විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් ඉටු කළ බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

 

එමෙන්ම එන්නත්කරණය සහ නිරෝධායනයේදී මෙරට ආරක්ෂක අංශ ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයාගේ කෘතඥතාවය පළ කලා.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් මෙරට තුළ ඇති වීමට ඉඩ නොදී රට ආරක්ෂා කර ගැනීමට තමා කැප වී සිටින බවයි.

views

1607 Views

Comments

arrow-up