පියා නිවසේ නැති අවස්ථාවේ තම සිඟිති දියණියගේ කට බරපතල ලෙස පිළිස්සු මව අත්අඩංගුවට

කිළිනොච්චිය, විනායගර්, කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් විසින් සිය පස් හැවිරිදි කුඩා දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇතැයි අක්කරායන්කුලම පොලීසිය කියයි.
පොලීසිය සඳහන් කලේ දැරියගේ පියා නිවසේ නොසිටි අවස්ථාවකදී මව විසින් සිය දරුවාගේ කට දෙපස රත්වු හැන්ඳකින් පුළුස්සා ඇති බවයි.
මව මු`ඵතැන්ගෙයි ආහාර සකස් කරමින් සිටින අවස්ථාවකදී දැරිය විසින් සිදුකළ ක්‍රියාවකට උරණ වු මව දැරියගේ කට දෙපස පුළුස්සා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධව දැරියගේ මව අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහල වෙත යොමුකොට ඇති බවයි.
අක්කරායන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2535 Views
Comments