වාහන රක්ශණ වාරිකත් ඉහලට - සමාගම් වලට අධික ලාභයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

වාහන රක්ශණ වාරිකත් ඉහලට - සමාගම් වලට අධික ලාභයක්

වාහන රක්ශණ වාරිකත් ඉහලට - සමාගම් වලට අධික ලාභයක්

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

 

වාහනවල වෙළඳ වටිනාකම සීග්‍රයෙන් ඉහළ යමින් පැවතීම නිසා මෙලෙස රක්ෂණ මුදල් ඉහළ යමින් පවතින බව සඳහන්.

 

මෙය දැඩි බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවට විවිධ පාර්ශව වලින් මුදල් අමාත්‍යංශයට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව පැවසෙනවා.

 

කෙසේ වෙතත් රක්ෂණ සමාගම් පසුගිය කාලය තුළ අධික ලාභයක් ලබා ඇති බව ද පුවත් වාර්තා පෙන්වා දෙනවා.

 

ඒ, දිගු කාලයක් රට තුළ සංචරණ සීමා සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග යි.

 

එම කාල වකවානුව තුළ රථවාහන ගමනාගමනය සිදු වූයේ ඉතා සීමිත ලෙස බැවින් රථවාහන අනතුරු ද ඉතා අඩු මට්ටමක පැවැතීම මත රක්ෂණ සමාගම් එලෙස අධික ලාභයක් උපයා ඇති බව සඳහන්.

 

එම සමාගම් මෙලෙස අධික ලාභ ලබා ඇති පසුබිමක රක්ෂණ වාරික අඩු කිරීමට හැකියාව පවතින බවත්, එබැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් පාර්ශව ගණනාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් සිදු කොට ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

views

798 Views

Comments

arrow-up