ත්‍රීරෝදය බසයේ ගැටී සිදුවූ මාරක අනතුරෙන් තිදෙනෙකුට බරපතලයි

බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල, නරිකන්ද පාමුලදී ත්‍රීරෝද රථයක් ලංගම බස්රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරින් ත්‍රීරෝදයේ ගමන් කල තරුණයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ත්‍රීරෝද රිය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කරමින් තිබියදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී කැස්බෑව දෙස සිට පැමිණි බස්රථයේ පිටුපස බඳ කොටසේ ගැටී අනතුර සිදුව ඇත.
ත්‍රීරෝද රථයේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් රැස්ව සිටි පිරිස එක්ව සුවසැරිය 1990 ගිලන් රථයකින් පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරිණි.
761 Views
Comments