එන්නත ලබා ගැනීම වගකීමක් - හමුදාපති

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ
එන්නත් ලබා දිය යුතු මෙරට පුද්ගලයින්ට අවශ්‍ය එන්නත් මාත්‍රා ගණනය කර දිවයිනට ගෙන්වා ඇති බැවින් එය ලබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් බවයි.
තරුණ පිරිස්ද එන්නත් තෝරා බේරා ගැනීමකින් තොරව එය ලබා ගත යුතු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ලියාපදිංචි වූ පුද්ගලයින් දොලොස් දහසකට අධික සංඛ්‍යාවකට ඒ, ඒ රටවල් අනුමත කළ එන්නත ලබා දී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
767 Views
Comments