බස් කොන්දොස්තරවරුන් නැතුව බස් දුවයිද!

කොරොනා ව්‍යසනයෙන් පසු බස් කොන්දොස්තරවරුන් රැසක් සිය කොන්දොස්තර රස්සාවෙන් ඉවත්වීම මත බස් රථ සඳහා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා
මේ නිසාම ඉදිරියේදී බස් හිමිකරුවන්ට සිදුවන්නේ රියදුරන්ගෙන් පමණක් බස් රථ ධාවනය කිරීමට ය.
කොන්දොස්තරවරු නොමැතිව බස් ධාවනය කිරීමේදී සිදුවන ගැටලු නිරාකරණය ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.
බස් කොන්දොස්තරවරුන් පනස් දහසකින් පමණ තිස් දහසක් පමණ මෙය වනවිටත් කොන්දොස්තර රස්සාවෙන් නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පලපුරුදු බස් කොන්දොස්තරවරුන් සොයා ගැනීමේ දුෂ්කරතාවයක් මේ වන විට බස් හිමිකරුවන් මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙම තත්වය මගහරවාගෙන යළි බස් කොන්දොස්තරවරුන් සමග බස් ගමනාගමනයට ඉඩ සැලැස්වීම ටයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ.
952 Views
Comments