ථූපාරාමයෙන් සොරා ගෙන පොලිසියට විකුණූ කිලෝ 22ක් බර බුදු පිළිමය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

ථූපාරාමයෙන් සොරා ගෙන පොලිසියට විකුණූ කිලෝ 22ක් බර බුදු පිළිමය

ථූපාරාමයෙන් සොරා ගෙන පොලිසියට විකුණූ කිලෝ 22ක් බර බුදු පිළිමය

අනුරාධපුර පූජා නගරයේ ථූපාරාම දාගැබේ නිධන්ගත කොට තිබියදී සොරා ගන්නා ලදැයි කියන කිලෝ 22ක් බර බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීම්ට සූදානම් වූ පුද්ගලයින් තිදෙනකු කහටගස්දිගිලිය, දිවුල්වැව, කෝමාරිකාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 

සංවිධානාත්මක කල්ලියක් විසින් ඉතා සූක්ෂම ලෙස නිදන්වලින් ලබාගත් බව කියන බුද්ධ ප්‍රතිමා  අලෙවිකරන බවට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත කන්තලේ පොලීසියේ විශේෂ කාර්යාංශ ඒකකයට ලද තොරතුරක් මත ගැණුම්කරුවන් ලෙස වෙස්වලාගත් පොලිසිය දින ගණනාවක් මෙම බුදු පිළිමය පිළිබඳව මිලගණන් සාකච්ඡා කරගෙන එය මිලදී ගැනීමට දින වෙන් කර මෙම වැටලීම් සිදු කළ බව පොලිසිය කියයි.

 

මෙම  තොරතුරු සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෝටර් රථ දෙකකින් ඉතා සූක්ෂම ලෙස මෙම සිද්ධිය සිදුවන දිවුල්වැව, මහපොතාන, කෝමාරිකාවල ප්‍රදේශයට පිටත්ව ගොස් මෙම වැටලීම සිදුකර තිබේ.

 

 මෙම බුදු පිළිමය රැගෙන එන බව කියන කෝමාරිකාවල ප්‍රදේශයේ නිවස ආසන්නයට ගොස් පැය 7ක පමණ කාලයක් අදාළ නිවස ආසන්නයේ නිලධාරීන්ට රැඳී සිටීමට සිදු වූයේ බුදු පිළිමය අලෙවිකරන ජාවාරම්කරුවන්ගේ සියලු‍ සැක දුරු වෙන තුරුය.

views

890 Views

Comments

arrow-up