OCT
03
ආණ්ඩුව බිලියන 12ක කොරෝනා ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් සම්බන්ධ සැපයුම් සඳහා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.
මෙලෙස ගෙවීම් පැහැර හැරීම නිසා ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය සැපයුම් නැවතී එම කටයුතු අඩාලවීමේ අවදානමක් පවතින බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නා.
814 Views
Comments