හීතු හිතූ මිලට විකිණෙන පොලොන්නරුවේ සහල්

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සාධාරණ මිලට සහල් ලබාදෙන බව පැවසුවත් මේවන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ මිල ගණන්වලට සහල් අලෙවි කරන බව පොලොන්නරුවේ සහල් පාරිභෝගිකයින් පවසයි.
නාඩු සහල් කිලෝවක් රුපියල් 117 කටත්, සම්බා කිලෝවක් රුපියල් 145 කටත්, කීරි සම්බා කිලෝවල් රුපියල් 170ක මිලකටත් තමන්ට ලබා ගැනීමට සිදුවී ඇතැයි සහල් පාරිභෝගියන් ප්‍රකාශ කරයි.
පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයන් මාධ්‍ය සාකච්ඡා පැවසුවේ නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත් ,සම්බා සහල් කිලෝවක් රුපියල් 140 කටත්,කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 කටත්, ලබාදෙන බවයි.
කෙසේ වුවද සහල් පාරිභෝගියන් සඳහන් කලේ මේ වන විටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් සිල්ලර සහල් වෙළඳුන් එම මිලෙන් පිට ගොස් හිතු හිතූ ලෙස සහල් මිල පාලනයකින් තොරව අලෙවි කිරීමත් සමඟ තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
අප මේ සම්බන්ධව සිල්ලර සහල් වෙළඳුන් කිහිප දෙනෙක්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඇතැම් සහල් නිෂ්පාදකයින් මාධ්‍යයට ප්‍රකාශ කළ මිලට සහල් ලබා නොදෙන බවත්, ප්‍රවාහන ගාස්තු, හා කවර සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති නිසා සුළු ලාභයකුත් ලබා තමන්ට එම මිල ගණන්වලට සහල් විකිණීමට සිදුව ඇති බවයි.
පොලොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ තමන් ප්‍රකාශ කළ මිලට සහල් ලබාදෙන බවත් සිල්ලර වෙළෙඳුන් හිතූ හිතූ ලෙස සහල් ඉහල මිලකට විකිණීම තමන්ට පාලනය කළ නොහැකි බවත්ය.
716 Views
Comments