රථ ගාලකට ජේතවන ස්තූපයේ උතුරු දොරටුව ළඟ බැකෝ යන්ත්‍ර යොදා හාරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

රථ ගාලකට ජේතවන ස්තූපයේ උතුරු දොරටුව ළඟ බැකෝ යන්ත්‍ර යොදා හාරයි

රථ ගාලකට ජේතවන ස්තූපයේ උතුරු දොරටුව ළඟ බැකෝ යන්ත්‍ර යොදා හාරයි

අනුරාධපුර පූජා නගරයේ ජේතවන පුදබිමේ උතුරු ‍දොරටුව ප්‍රදේශය පෙරේදා(07) පෙරවරුවේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන හාරා පස් ඉවත් කරමින් කරන ලද විනාශය සම්බන්ධයෙන් පූජා නගර ප්‍රදේශවාසීන් මෙන්ම දෙස්- විදෙස් සංචාරකයෝද දැඩි විමතිය හා කනස්සල්ල පළ කළහ.

 

බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 03 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් විසින් ඉදිකරන ලද්දක් වන ජේතවන ස්තූපය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් විරුදාවලි ලබා ඇත.

 

එමෙන්ම එය ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි. 

 

ස්තූපයේ උතුරු ‍දොරටුව අසල බැකෝ යන්ත්‍ර මගින් අඩි දෙකහමාරක්, තුනක් පමණ ගැඹුරට හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලිවී මතුපිටට පැමිණ ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති.

 

මේ පිළිබඳව කළ විමසීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියෙකු සඳහන් කළේ මෙම ස්ථානයේ රථ ගාලක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇති බවයි.

 

නමුත් මෙලෙස විශාල යන්ත්‍ර යොදාගෙන පුරාවිද්‍යා භූමිය විනාශ වන සේ පස් ඉවත් කිරීමට
කිසිවෙකුත් අවසරදී නැතැයි පැවසූ එම නිලධාරියා මෙම කාර්ය සිදුකරන්නේ කවුරුන් විසින් දැයි ඇසූ පැනයට නිරුත්තර වූ අතර ඊට පිළිතුරු දීමට ඔහු දැඩි බියක් දැක්වීය.

views

1076 Views

Comments

arrow-up