බන්ධනාගාර නිලධාරියකු සහ ඔහුගේ පුතු දැලි පිහියෙන් කැපූ චණ්ඩි දෙදෙනා අත්අඩංගුවට

බන්ධනාගාර නිලධාරිවරයෙකු සහ ඔහුගේ පුත්‍රයා දැලි පිහියකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහරදීම පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඇති වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බරපතළ ලෙස කැපුම් තුවාල ලද බන්ධනාගාර නිලධාරීවරයා සහ ඔහුගේ පුතු ප්‍රතිකාර සඳහා පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
840 Views
Comments