OCT
10
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලමින් මිලානෝ නුවරදී උද්ඝෝෂණයක්

2019 අප්‍රේල් 21 වැනි දා සිදුවූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලමින් පවත්වන උද්ඝෝසණයක් අද(10) සවස 3.00ට ඉතාලියේ මිලානෝ නුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපිට සවස 3.00 පැවැත්වේ.
පාස්කු ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වී ගිය අතර 500 ආසන්න පිරිසක් තුවාල ලැබීය. ඔවුන් අතර සදාකලිකව ආබාධිතවූ පිරිසක්ද සිටී.
ශ්‍රි ලංකාවේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහජීවනය ආරක්ෂා කරන්නැයිද ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
707 Views
Comments