ගල් බැම්ම හිසට වැටී තිදරු පියා ජීවිතක්‍ෂයට

දඹුල්ල, කණ්ඩලම, ලේනව ප්‍රදේශයේ අලුතෙන් සකස් කරනු ලබන මුළුතැන්ගෙයි ගල් බැම්මක් කඩාවැටීමෙන් එයට යටවී පුද්ගලයෙකු ඊයේ(23) දින උදෑසන ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ එම නිවසේම පදිංචිව සිටි ඉහළගෙදර ලොකුබණ්ඩා නැමැති 78 හැවිරිදි තිදරු පියෙකි.
මෙම නිවසේ අලුතෙන් කුස්සියක් ඉදි ඉදිකිරීමට පෙර දිනයේ සිමෙන්ති ගඩොල්වලින් ගල් බැඳ කොන්ක්‍රීට් දමා තිබූ බව නිවැසියෝ පවසති.
අනතුරුව මිය ගිය පුද්ගලයා කොන්ක්‍රීට් තට්ටුව සහිත සැටලින් ලෑලි ගැලවීම සඳහා යොමු වී තිබූ බවත් එම සැටලින් ලෑලි ගැලවීමත් සමඟ එකවර බිත්තිය පෙරළී හිස මතට කඩා වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ගෙන යන අතරතුර මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
698 Views
Comments