ගිනි අවි පතුරම් සමග ඇමරිකානු පුරවැසියෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ගිනි අවි පතුරම් සමග ඇමරිකානු පුරවැසියෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි පතුරම් සමග ඇමරිකානු පුරවැසියෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි සහ පතුරම් ඇතුළු නීති විරෝධී උපකරණ ලඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුට ඇමරිකානු පුරවැසිභාවය හිමි බවයි වාර්තා වන්නේ.

 

මෙම වැටලීම තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකර ඇති අතර එහිදී පිස්තෝල සදහා යොදා ගන්නා පතුරම් 100ක්,වෝල්කි ටෝල්කි යන්ත්‍ර හතරක්, රම්බෝ වර්ගයේ පිහියක්, වායු රයිෆලයක්,දුරේක්ෂයක් සහ රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් හමුවී තිබෙනවා.

 

මීට අමතරව යතුරුපැදි හයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2කම අංක තහඩු ඉවත් කර තිබුණා.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

409 Views

Comments

arrow-up