තම බිරිඳට ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරයට සූරියකාන්ත මල් මිලියන 1.5ක් රෝපනය කල සැමියා

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපදයේ ගොවියෙක් තම බිරිඳට ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80ක භූමි භාගයක සූරියකාන්ත මල් මිලියන 1.5ක් රෝපණය කළ බවයි.
සූරියකාන්ත මල්වලට ආදරය කරන තම බිරිඳ Reni ට පුදුම සහගත තෑග්ගක් ලබාදීමේ අරමුණින් තමා මෙය සිදුකළ බව Lee Wilson කැන්සාස් හි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේය.
බිරිඳට රහසින් Wilson මැයි මාසයේදී සූරියකාන්ත පැළ සිටුවීමට තම පුතාගේ සහාය ලබා ගෙන තිබෙනවා.
වාර්තා වන්නේ මල් ප්‍රමාණය සහ භූමි ප්‍රමාණය සලකා බලන විට අක්කරයකට සූරියකාන්ත මල් 15,000ක් සිටව ඇති බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ Wilson මහතාගේ සොඳුරු වෑයම පිළිබඳ පුවත පැතිර ගිය දා සිට, එම චමත්කාරජනක දසුන දැකීමට සහ ඡායාරූප ගැනීමට සූරියකාන්ත මල් සිටවා ඇති ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි Wilson මහතාගේ සොඳුරු වෑයම පිළිබඳ පුවත පැතිර ගිය දා සිට, එම චමත්කාරජනක දසුන දැකීමට සහ ඡායාරූප ගැනීමට සූරියකාන්ත මල් සිටවා ඇති ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි.
330 Views
Comments