අතකොටා ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

අතකොටා ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය

අතකොටා ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය

අභියාචනාධිකරණය අද නියම කර තිබෙන්නේ දැරණියගල නූරි වතු යායේ වතු අධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවන් 18 දෙනා ඉදිරිපත් කළ අභියාචනා එළඹෙන වසරේ ජුනි මස 03 වනදා යළි කැඳවන ලෙස නියෝග කරන ලෙසය.

 

 

අදාළ අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

 

දැරණියගල නූරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා 2013 වසරේ ජූලි මස 05 වනදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණය විසින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික එවත් "අතකොටා" ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

 

 

මෙම විත්තිකරුවන් 18 දෙනා විසින් එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

 

 

views

228 Views

Comments

arrow-up