ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

විශ්වාසභංග යෝජනාවක් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කර තිබේ.
මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන ලෙස මෝදි අගමැතිවරයාට බලකරමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේය.
එම විශ්වාසභංග යෝජනාව මෝදි රජය සතුව බහුතර බලයක් පවතින බැවින් පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වෙතැයි අපේක්ෂිතය.
පුද්ගලයින් 130කට වැඩි පිරිසක් පසුගිය මැයි මාසයේ සිට මනිපූර් හි ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවූ ගැටුම්වලින් මියගොස් තිබේ.
271 Views
Comments