ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

 

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

 

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

 

 

මීට සුළු මොහොතකට පෙර ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය.

 

 

පළාත් සභා නවය අතරින් හතක්ම ඇත්තේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල බවත් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත.

 

 

views

245 Views

Comments

arrow-up