GSP+ සහනය තවත් වසර හතරකින් දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

GSP+ සහනය තවත් වසර හතරකින් දීර්ඝ කෙරේ

GSP+ සහනය තවත් වසර හතරකින් දීර්ඝ කෙරේ

GSP+ සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ. 

 

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කර ඇත.

 

නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

 

මේ අතර 2022 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

views

778 Views

Comments

arrow-up