මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වීරයෙක් කරන්න මතුගම පිරිසක් උත්සහ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වීරයෙක් කරන්න මතුගම පිරිසක් උත්සහ කරයි

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වීරයෙක් කරන්න මතුගම පිරිසක් උත්සහ කරයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් පිරිසක් මතුගම නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

 

 

මත්ද්‍රව්‍ය ජාවාරම්, තියුණු ආයුධ වලින් මිනිසුන්ට පහර දීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ජාවරම්කරුගේ මව ඇතුළු කණ්ඩායමක් මෙම උද්ඝෝෂණය සිදුකර ඇති බව මතුගම පොලිසිය පවසයි.

 

 

මාස කීපයකට පෙර මෙම සැකකරු විසින් පුද්ගලයෙකුගේ දෑත් වෙන් වන ලෙස කපා දමා ඇති බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

 

 

ඊයේ දිනයේ මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිසගෙන් බහුතරය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

views

283 Views

Comments

arrow-up