කුණාටු වැස්ස නිසා පවුල් පනස් දහසක් අදුරේ

මෙරට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 14000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
මේ හේතුවෙන් විදුලි සබදතා 50000 කට අධික සංඛ්‍යාවක් විසන්ධි වී ඇති බවද එම මණ්ඩලය පවසයි.
ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළ මෙම විදුලි බිඳවැටීම් වාර්තා වී ඇත.
විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශයට අධික වර්ෂාව සමඟ හමා ගිය දැඩි සුළං හේතුවෙන් විදුලි බිඳ වැටීම් රැසක් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන්ද මෙම බිඳ වැටීම් වාර්තා වී තිබේ.
දිවයිනේ නන් දෙසින් විදුලි බිඳ වැටීම් වාර්තා වීමත් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ උපදෙස් පරිදි එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.
ගස් කඩා වැටීම් හේතුවෙන් මෙම නඩත්තු කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී ඇති බවද එම මණ්ඩලය කියාසිටියේය.
276 Views
Comments