JUN
29
විවිධ අපරාධ කල්ලි සාමාජිකයින්ට විදේශ ගමන් බලපත්‍ර සාදාදෙන ජාවාරමක්

විදේශගත වීම සඳහා විවිධ අපරාධ කල්ලි සමාජිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදෙන ජාවාරමක් වටලා තිබේ.
වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිණිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු අදාළ ජාවාරමේ නිරත වී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් සැකසූ ගුවන් ගමන් බලපත්‍ර 13ක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂද සැකකරුවන්ගේ නිවාසවල තිබී සොයාගැනීමට සමත් විය.
244 Views
Comments