JUN
23
හරීන් ප්‍රනාන්දුට නව තනතුරක්

2023 සිට 2025 කාලසීමාව දක්වා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර තිබේ.
මෙම පත් කිරීම තුලින් කලාපය තුළ සංචාරක ව්‍යාපාරය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉස්මතු කරන බව සංචාරක අමාත්‍යංශය සඳහන් කළේය.
කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ 59 වන රැස්වීමේදී හරින් ප්‍රනාන්දුගේ මෙම පත් කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
289 Views
Comments